ඇමෙරිකාවේ ස්ථාන රැසක් ඝාතන යායවල් වෙලා – ඇමෙරිකානු ජනාධිපති

321

දැනට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නිරතුරුව වාර්තා වන පුද්ගලයන් ඝාතනය කිරීමේ තුවක්කු සංස්කෘතිය නතර කිරීම සඳහා ‘ඝාතනයන් සඳහා යොදා ගන්නා ආයුධ මෙන්ම ඉහළ ධාරිතාවයකින් යුත් මැගසීන් යන්ත්‍ර භාවිතා කිරීම රට තුළ තහනම් කළ යුතු බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඉකුත් දින කිහිපයේදී රටේ ස්ථාන කිහිපයකින්ම පුද්ගලයන් ඉලක්ක කරගත් දැවැන්ත වෙඩි තැබීමේ සිද්ධීන් වාර්තා වීමත් සමගම ජාතිය අමතමින් කතා කර ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා රටේ ස්ථාන ගණනාවක්ම මේ වන විට ‘ඝාතන යායවල්’ බවට පත්ව ඇති බව සඳහන් කර තිබේ. ‘තරුණයන්ට තුවක්කු මිලදී ගැනීමේ තහනමක් පැනවිය නොහැකි නම් අඩුම තරමින් තුවක්කුවක් මිලදීගත හැකි වයස් සීමාව හෝ ඉහළ දැමීමට කටයුතු කළ යුතුයි’, ඒ අනුව තුවක්කුවක් මිලදී ගත හැකි වයස් සීමාව වයස අවුරුදු 18 සිට 21 දක්වා වැඩි කළ යුතුයි’ ජනාධිපති බයිඩන් සඳහන් කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment