ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහි මහජන විරෝධතා නිසා කසකස්තාන් ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

127

ඉන්ධන මිල ඉහළ දැමීමත් සමග ඇති වූ මහජන විරෝධතා හේතුවෙන් කසකස්තාන් ආණ්ඩුව ඊයේ (5 දා) ඉල්ලා අස්වී තිබේ.

ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව ඇති වූ උද්ඝෝෂණ නිසා පොලිසියේ සියයක් පමණ තුවාල ලබා තිබිණි.

ඉන්ධන නිපදවන මධ්‍යම ආසියානු රටක් වන කසකස්තානය පැරණි සෝවියට් දේශයට අයත් රටක්ව පැවතිණි.

ආණ්ඩුවත් කැබිනට් මණ්ඩලයත් ඉල්ලා අස්වුවත් එරට අගනුවර ගැටුම් නැවතී නැත. බැංකු හා වෙළඳසල් ද ගිනි තබා අති බව සී. එන්. එන්. රූපවාහිනිය වාර්තා කර තිබිණ.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment