කාගිල්ස් සමාගම USAID ශ්‍රී ලංකා බල ශක්ති වැඩසටහන සමග අත්වැල් බැඳ ගනී

98

ශ්‍රී ලංකාව විදුලි බලයෙන් ගමනාගමනයේ යෙදීමට ( E- Mobility ) ප්‍රවේශ වීමට දරණ ප්‍රයත්නයට සහාය දක්වනු වස්, කාගිල්ස් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයෙහි (USAID) ශ්‍රී ලංකා බල ශක්ති වැඩසටහන එක්ව කොළඹ නගරයේ කාගිල්ස් වෙළඳසැල් පිහිටි ස්ථානයන්හි විද්‍යුත් වාහන (Electric Vehicles) ආරෝපිත මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා මූල්‍ය ප්‍රධාන ගිවිසුමක් අත්සන් කරන ලදී.

ලංකාවේ විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන කාගිල්ස් ඔස්සේ විද්‍යුත් ත්‍රීරෝද රථ, යතුරුපැදි සදහා නියමු ව්‍යාපෘතියක් ලෙස පුනර්ජනනීය බලශක්තියෙන් ආරෝපිත මධ්‍යස්ථාන ඇති කිරීම සඳහා මෙම ප්‍රදානය පිරිනැමෙයි.

මෙම නව්‍ය සහ කාලීන ඇරඹුම මගින් කාගිල්ස් වෙතින් ප්‍රජාව උදෙසා පිරිනමනු ලබන සේවා තවදුරටත් ඉහළ නංවනු ඇත. මෙම ව්‍යාපෘතියෙහි පුළුල් පරමාර්ථ අතර මෙරට බලශක්ති අංශයේ ශ්‍රම බලකාය සඳහා කාන්තාවන් සවිබල ගැන්වීමත්, විද්‍යුත් වාහන රැකියා උදෙසා තරුණයන් යොමු කිරීමත් මූලික වෙයි.

සිය දේශයට සේවා සැපයීම අරමුණු කරගත් ප්‍රමුඛ පෙලේ සමාගමක් වශයෙන් කාගිල්ස් සිය පාරිභෝගිකයින් සඳහා විවිධ අගයන් නිර්මාණය කරමින් ද දිවයින පුරා විවිධ ප්‍රජාවන් වෙනුවෙන් ආයෝජනය කරමින් ද සිය මෙහෙවර ඉටුකරන අතරම දේශීය නිෂ්පාදකයින් හා ව්‍යවසායකයින් නංවාලීමෙහිලාද අඛණ්ඩ දායකත්වයක් සපයනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment