කිව්.ආර්. නැතිව තෙල් දෙන්න බෑ කියූ විට බේරුවල ඉන්ධන හලේ සේවකයන්ට හොඳටම නෙළලා

282

නිවසක සැඟව සිටි සැකකරුවෝ මෝටර් රථයත් සමග අත්අඩංගුවට

බේරුවල අයි.ඕ.සී. ඉන්ධනහලට වැගන් ආර් රථයකින් පැමිණි පුද්ගලයන් පස්දෙනකු කිව්.ආර්. කේතය නොමැතිව ඉන්ධන ලබා දෙන්නැයි කළ ඉල්ලීම ඉන්ධන හලේ සේවකයන් ඉකුත් (12 දා) රාත්‍රියේ ප්‍රතික්ෂේප කිරීමත් සමඟ කාර් රථයෙන් පැමිණි මැර පිරිස එම සේවකයන්ට පහර දී දේපළවලට හානිකර පලාගොස් ඇත. ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් පෙරේදා (13 දා) බේරුවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් පිරිස දර්ගා නගරයේ මීගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී බේරුවල පොලිසියේ ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතා සහ අපරාධ අංශ නිලධාරීන් එම මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ඉන්ධනහලේ එම මොහොතේ සිටි පුද්ගලයෙක් මෙම දර්ශන වීඩියෝ ගතකර ඇති අතර එම ජංගම දුරකථනය කලහකාරී පිරිස විසින් උදුරා පොළොවේ ගසා විනාශ කර ඇතැයිද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් වලතරදෙනිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් ඊයේ (14 දා) කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.සිද්ධියෙන් ඉන්ධනහලට සිදුවූ අලාභය මෙතෙක් ගණනය කොට නොමැති අතර ප්‍රහාරයට ලක්වූ සේවකයකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සෙසු සේවකයන් දෙදෙනා පෞද්ගලික ස්ථානයකින් ප්‍රතිකාර ගෙන ඇත. පහරදීම සිදුවන අවස්ථාවේ එහි කලමනාකාරිනිය සිට නොමැත සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත. බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලලිත් පත්මකුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පො.ප. ගයාන් ක්‍රිශාන්ත, පො.කො. වරුන් වන වටවල (70626), බුද්ධික (92917), දිසානායක (83825) යන මහත්වරු විසින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment