කෙහෙළියට හයිය දෙන්න ආණ්ඩුව ඔක්කොම කැඳවයි – පාර්ලිමේන්තු අනිවාර්යයි

105

ආණ්ඩු පක්ෂයේ සියලු ම මැති ඇමැතිවරුන් ලබන මස 05, 06, 07 සහ 08 දිනයන්හිදී අනිවාර්යයෙන් ම පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන කාර්යාලය දන්වා ඇත.

ලබන 06, 07, 08 යන දින තුනෙහිදී සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇති බැවින් ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට පාර්ලිමේන්තු පැමිණෙන ලෙසට මෙලෙස අනිවාර්ය කර තිබේ.

ඒ අනුව ආණ්ඩු පක්ෂ ප්‍රධාන කාර්යාලය විසින් ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට වට්ස්ඇප් මාර්ගයෙන් මෙන්ම දුරකථන පණිවුඩ මගින් ද මෙම තත්ත්වය දන්වා ඇත. විදේශ ගමන් හෝ කොළඹින් බැහැර වෙනත් අවශ්‍යතා යොදා ගැනීමෙන් වළකින ලෙසත් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment