කොරෝනා කාලයේ කෝටි 750 ක ජල පොලු

148

කොරෝනා වසංගතය මෙරට ව්‍යාප්තවීම ආරම්භ වූ 2020 මාර්තු මාසයේ සිට 2021 ජුලි මාසය දක්වා කාලයේ දී ජල පරිභෝජනය වෙනුවෙන් ජල පාරිභෝගිකයන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වෙත රුපියල් කෝටි 750ක මුදලක් ගෙවීම් පැහැර හැර ඇත.

මේ තත්ත්වය තුළ මණ්ඩලය බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තාවේ.

ගෘහස්ථ පාරිභෝගිකයන් රුපියල් කෝටි 540ක්, කර්මාන්තශාලා, හෝටල්, වාණිජ ආයතන ඇතුළු ගෘහස්ථ නොවන පාරිභෝගිකයන් රුපියල් කෝටි 130ක්, හමුදා, පොලිස්, රෝහල් ඇතුළු රජයේ ආයතන රුපියල් කෝටි 70ක් සහ පොදු ජල කණු, පූජනීය ස්ථාන හා අනෙකුත් ස්ථාන රුපියල් කෝටි 10ක් ද එසේ ගෙවීම පැහැර හැර තිබේ.

මෙම තත්ත්වය තුළ සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම ද ගැටලූවක් වී ඇති බව සඳහන්ය.

කර්මාන්තශාලා, ව්‍යාපාරික ස්ථාන රාජ්‍ය ආයතන ඇතුළු බොහෝ පිරිස් බිල්පත් ගෙවීම් පැහැර හරිද්දී විශ‍්‍රාමික පුරවැසි ප‍්‍රජාව බිල්පත් නිසි කලට වෙලාවට ගෙවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

මෙරට සමස්ත ජල පාරිභෝගිකයන් සංඛ්‍යාව ලක්ෂ 27කට ආසන්නය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment