කොල්ලුපිටිය ඕ.අයි.සීට සහ නීතිපතිට නොතීසි

520


අරලියගහ මන්දිරය ඉදිරිපිට පදික වේදිකාවේ නවතා ඇති බස්රථ සහ විරෝධතාකරුවන් ඉදිකර ඇති අනවසර කූඩාරම් ඉවත් කරන ලෙසට කළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් මෙම මස 9 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්තනායක මහතා කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ නීතිපතිවරයාට අද නොතීසි නිකුත් කළේය.

සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලිසිය කළ පැමිණිල්ලක් සම්බන්ධව විත්තිකරුවන් දෙදෙනෙකු විසින් කරනු ලැබූ පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment