කොවිඞ් එන්නත්කරණයට මුදල් දුන්නේ පොල් මණ්ඩලයේ ආදායමෙන් – අරුන්දික මැතිසබයේදී කියයි

131

මෙරට කොවිඞ් මර්දන එන්නත්කරණය ස`දහා අවශ්‍ය මුදල් ලබාදුන්නේ පොල් සංවර්ධන මණ්ඩලයට ලැබුණු ආදායමෙන් බව පොල් හා කිතුල්, තල් වගා ප‍්‍රවර්ධන ආශ‍්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) පැවැසීය.


2020 වසරේදී එන්නත්කරණයට අවශ්‍ය වූ ඩොලර් මිලියන 600 ක සමස්ත මුදල සහ 2021 දී ඩොලර් මිලියන 900 ක් ලබාදීමට හැකිවූ බවද රාජ්‍ය ඇමැතිවරයා කීය.

පොල් කර්මාන්තය සම්බන්ධයෙන් සමගි ජනබලවේගය මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව හෙළි කළේය.

ලංකාවේ ඉතිහාසයේ ප‍්‍රථම වතාවට අපනයන කර්මාන්තයක් හැටියට ඩොලර් මිලියන 600 ක්, මේ රටේ සමස්ත එක්නත්කරණ වැඩසටහනට 2020 දී වැයවූ සම්පූර්ණ මුදලම අපි ලබාදුන්නේ පොල් කර්මාන්තයෙන්. 2021 දී ඩොලර් මිලියන 900 ක් ලබාදුන්නා යැයි ද ඒ මහතා කීය.

පොල් අපනයන ක්‍ෂේත‍්‍රයෙන් ලබන සම්පූර්ණ ආදායම වසරකට ඩොලර් බිලියන 01 ක් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා කියාසිටියේ පසුගිය වසරේදී (2021* පොල් ගෙඩියක සිල්ලර මිල රුපියල් 83.63 ක් වූ බව කීය.

ගිය වසරේ පොල් ගෙඩියක තොග මිල රුපියල්

71.67 ක් වූ බවත් ඊට පෙර වසරේදී (2020* පොල් ගෙඩියක සිල්ලර මිල 68.50 ක්ද 2019 වසරේ එය රුපියල් 50.87 ක්ද වූ අතර 2018 දී එය රුපියල් 70.76 ක් වූ බව ද කියා සිටියේය.

මේ අතර පසුගිය වසරේදී (2021* ගෙඩි මිලියන

3382 ක් ලෙස වාර්තා ගත පොල් අස්වැන්නක් ලැබූ බවද අරුන්දික ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් කීය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment