පෝලිම්වල ජනතාවට සෞඛ්‍ය පුරුදු මතක නෑ තවත් කොවිඞ් රැල්ලක අවදානමක්- විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන

179

තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, කිරි පිටි පෝලිම්වල සිටින ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කර දමා හැසිරෙන බවත්, මෙම තත්ත්වය මත අපේ‍්‍රල් අගවන විට කොවිඩි පැතිරීමේ අවදානමක් මතුවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ‘දිවයින’ට ඊයේ (23 දා) පැවසුවාය.

ඉතා හොඳින් කොවිඞ් පාලනය කළ එංගලන්තය, චීනය ඇතුළු රටවල් කීපයක ඔමික්‍රෝන් දරුණු ප‍්‍රභේදයක් පැතිරෙමින් තිබෙන බවද ඇය ස`දහන් කළාය.

මෙහිදී තවදුරටත් කතා කළ විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මෙසේද කියා සිටියාය.

සමාජය තුළ කොවිඞ් තත්ත්වය අඩු වුණත් ආපසු කොයි මොහොතේ මේක හිස ඔසවයිද කියන්න බැහැ. මේ දිනවල ජනතාව තෙල්, ගෑස්, කිරිපිටි පෝලිම්වල ඉන්නවා. සමහර අය මාස්ක් එකවත් හරියට දාන්නේ නැහැ. කට්ටියම ළංවෙලා කතා කරන්නේ. කට්ටියට ඒ තරමටම සෞඛ්‍ය පුරුදු අමතක වෙලා. මෙහෙම ගියොත් ලබන අපේ‍්‍රල් අග වෙනකොට දරුණු කොවිඞ් රැුල්ලක් මතුවෙන්න පුළුවන්.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
 

advertistmentadvertistment
advertistmentadvertistment