මෙහෙම අයට රට යන්න බෑ ..

372

වයස අවුරුදු 2 ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා යොමුවීමට අවසරය ලබානොදීමට අදාලව නව චක්‍රලේඛයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිකුත් කර තිබේ .
එම චක්‍රලේඛයට අනුව අවුරුදු 2 හෝ ඊට වැඩි දරුවන් සිටින මව්වරුන් විදෙස් ගතවීමේදී එම දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද අධ්‍යාපනය සැලසීමට ගෙන ඇති පියවර ගැනද දිවුරුම් ප්‍රකාශයක් ග්‍රාම නිලධාරිවරයාට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබාදිය යුතුය.
අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන් ගෘහ සේවිකාවන් ලෙස විදෙස් ගතවීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබාදීම අනිවාර්ය කරමින් පනවා තිබූ නීතිය සංශෝධනය කිරීමට මීට දෙමසකට උඩදී කැබිනට් අනුමැතිය හිමිව තිබිණි . මෙම චක්‍රලේඛනය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මකය.

ctb

advertistmentadvertistment
advertistmentadvertistment