කොස්තාපල් නෝනාට සැමියා ගිනි තියලා

256

* හෙල්මට් එකෙනුත් ගහලා: දෙදෙනාම බලපිටිය රෝහලේ

රාජකාරි නිමවා නිවසට ගිය කාන්තා කොස්තාපල්වරියකට සැමියා විසින් සිරුරට පෙට‍්‍රල් දමා ගිනි තබා ඇති බවත් එහිදී දෙදෙනාම පිළිස්සුම් තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවත් ගෝනාපීනුවල පොලිසිය පවසයි.

මෙම කාන්තා කොස්තාපල්වරියගේ සැමියා හමුදා සේවයේ සිට ඉවත්ව මේ වන විට ධීවර කාර්මිකයකු ලෙස රැකියාව කරන අයෙකි. ඔහු රැුකියාවට ගොස් පෙරේදා (05 දා) සවස නිවසට එන විට බිරිඳ දිවා රාජකාරියට ගොස් සිට ඇති අතර පසුව ඇය රාජකාරි නිමවා නිවසට පැමිණි අවස්ථාවේ දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇත.

එම අවස්ථාවේ ඔහු ඇයගේ හිසට හෙල්මටයකින් ද පහරදී ත‍්‍රීරෝද රථයේ තිබූ පෙට‍්‍රල් බෝතලය ගෙනැවිත් ඇයගේ නිල ඇඳුමට දමා ගිනි කූරක් දල්වා ඇඟට දමා තිබේ.

එහිදී ඇය බේරීමට උත්සාහ දරා ඇති අතර අසල්වාසීන් පැමිණ ගින්න නිවා සුවසැරිය ගිලන් රියකින් සුළු පිළිස්සම් තුවාල ලබා සිටි සැමියා ද ඇය ද බලපිටිය රෝහලට යවා ඇත. සැකකාර සැමියා ඇයට පොලිස් සේවයෙන් ඉවත් වන ලෙසට අවස්ථා කිහිපයක දී පවසා ඇති බව අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසයි.

රෝහල් ප‍්‍රකාශකයකු පැවසුවේ පොලිස් කාන්තාවගේ තත්ත්වය බරපතළ බවය. ගෝනාපීනුවල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත ගුණසේකර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අහංගම – සුගතපාල දියගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්
 

advertistmentadvertistment
advertistmentadvertistment