කොළඹ සිට යාපනයේ ගිය බස් රිය අනතුරක – 9කට තුවාල

86

කොළඹ සිට යාපනය බලා ගමන් කරමින් තිබූ අති සුඛෝපභෝගි මගී බස් රථයක් කොඩිගාමම් පුදූර් ප්‍රදේශයේදී 12 දා අලුයම අනතුරකට ලක්වීමෙන් එහි ගමන්ගත් මගීන් 9 දෙනකු තුවාල ලබා ඇත.

තුවාල ලැබූ මගීන් ප්‍රතිකාර සඳහා චාවාකච්චේරී රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම බස් රථය ඉදිරියෙන් පැමිණි මසුන් ප්‍රවාහනය කෙරෙන කූලර් රථයක මුහුණට මුහුණ ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් වාහන දෙකටම බරපතළ ලෙස හානි සිදුව තිබේ.

වර්ෂාව පැවති අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති අතර රියැදුරන්ට නින්ද යෑම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කොඩිගාමම් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සැකකරනු ලබයි.

මේ වසරේ ගත වූ කාලය ඇතුළත කොළඹ හා යාපනය අතර ධාවනය වන අති සුඛෝපභෝගි බස් රථ අනතුරුවලට ලක් වූ දොළොස් වෙනි වතාව මෙය වෙයි.

රාත්‍රි කාලයට ගමන් ආරම්භ කරන මෙම බස් රථවල රියැදුරන්ට විවේකයක් නොමැතිකම නිසා නින්ද යෑමෙන් මෙම අනතුරු සිදුවන බවද පොලිසිය සඳහන් කරයි.
දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment