ගංගොඩවිල බාලිකා නිවාසයේ දැරියන්ට අනතුරක්

303


ගංගොඩවිල ළමා නිවාසය වසා දමා එම ස්ථානය විකුණන් කෑමේ පළමු පියවර ලෙස එම ස්ථානයේ නේවාසිකාගරයක් ස්තාපිත කිරීමට බෞද්ධ මහාසම්මෙලනයේ කෘත්‍යධිකාරි මණ්ඩලය සුදානම් වන බව ජාතික උරුමයන් රැකීමේ මහා සම්මෙලනයේ කැදවුම්කරු ජනක බෝධිනන්ද ගුණතිලක මහතා පවසයි.
මෙම නේවාසිකාගාරය 1957 වර්ෂයේ දී ආරම්භ කර ඇති බවත් එය පිහිටා තිබෙන පර්චස් 305 කින් යුතු ඉඩම මේ වන විට රුපියල් ලක්ෂ 22000 ක් පමණ වටිනා බවත් ඒ මහතා සඳහන් කරයි.එම තීරණයට එරෙහිව එල්ල වු විරෝධය නිසා මේ වන විට ළමා නිවාසයේ කොටසක පමණක් නේවාසිකාගාරය ආරම්භ කිරීමට යළි යෝජනා වී ඇති බවත් ඒ මහතා පවසයි.බාලිකා නිවාසයක් වන මෙම ස්ථානයේ කොටසක නේවාසිකාගාරයක් ආරම්භ කළ හොත් එම ළමයින් අපයෝජනය විය හැකි බවත් ඒ මහතා සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment