ගලගොඩඅත්තේ හිමිගෙනුත් ජෙරොම්ට එරෙහිව සීඅයිඩීයට පැමිණිල්ලක්

301

පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුට එරෙහිව වහාම පරීක්ෂණයක් අරඹන ලෙස ඉල්ලමින් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මේ පාස්ටර්වරයාගේ ක්‍රියාකලාපය නිසා රටේ ආගමික සංහිඳියාව නැති වන බවත් ඔහු බුදුන් වහන්සේට නිගා කර ඇති බවත් උන්වහන්සේගේ ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ. ක්‍රිස්තියානි මූලධර්මවාදී කල්ලි කණ්ඩායම් විසින් අන්‍යාගමික ක්‍රියාවලිය ඉතා වේගයෙන් පතුරන බවත් මේ පාස්ටර්වරයාත් එම කුමන්ත්‍රණයේ කොටස්කරුවකු බවත් උන්වහන්සේගේ පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිසා ආගමික සංහිඳියාව විනාශ කරන මේ පුද්ගලයාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බව ගලගොඩඅත්තේ හිමියන් සිය පැමිණිල්ල මගින් අවධාරණය කර ඇත. මේ ලිඛිත පැමිණිල්ල ඊයේ (16දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment