ට්‍රම්ප් හෙට අත්අඩංගුවට?

142

මූල්‍ය අපරාධ චෝදනා එල්ලවී ඇති හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (03දා) මෑන්හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතය. එහෙත් ට්‍රම්ප්ගේ නීතිවේදීන් පැවසුවේ ට්‍රම්ප් අධිකරණය වෙත භාරවන බවය. නව නීතිරීති අනුව ට්‍රම්ප්ට ඇප ලබාගත හැකිය. අසභ්‍ය චිත්‍රපටවල රඟපාන නිළියක් වූ ස්ටෝම් වෙත ඩොලර් 130,000ක් ලබාදීම ගැනද ට්‍රම්ප්ට චෝදනා එල්ලවී ඇත. මෙයට පෙර හිටපු ඇමරිකානු ජනපති ජුලිසිස් ග්‍රාන්ට් ට අශ්වයකු මත වේගයෙන් යෑම සම්බන්ධ චෝදනා මත ඩොලර් 20ක දඩයක් නියම විය.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment