ගාසා තීරයේ යළිත් ගැටුම්

206

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර දින 7ක් පුරා පැවති සටන් විරාමය අවසන්ව නැවතත් ගැටුම් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම මාධ්‍ය පවසන්නේ ගාසා තීරයේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ලකර ඇති බවය. එම රොකට් බිම හෙළීමට ඊශ්‍රායල හමුදාව සමත්වී ඇත.

ගාසා හි රඳවාගෙන සිටි ඊශ්‍රායලයෙන් පැහැරගත් ප්‍රාණඇපකරුවන් 110 ක් මෙන්ම ඊශ්‍රායලයේ සිරකඳවුරු වල රඳවා සිටි පලස්තීනුවන් 240ක් ද නිදහස් කර තිබේ.
ඊශ්‍රායල ආරක්ෂක බලකාය පැවසුවේ ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ලකළ බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment