ගෑස් – සිමෙන්ති මිල තීරණය කිරීම ආනයනකරුවන් අතේ… පාලන මිල ඉවත් කෙරෙන ගැස්ට් එක ගහයි…

206

කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය ආනයනික භාණ්ඩවල මිල පාලනය ඉවත් කිරීමේ ගැසට් නිවේදනය ඊයේ (08 දා* මධ්‍යම රාති‍්‍රයේ නිකුත් කිරීමත් සමඟ අදාළ භාණ්ඩවල මිල නියම කිරීමට ආනයනකරුවන්ට බලය හිමි වී ඇත.

ඒ අනුව ආනයනකරුවන් විසින් සාධාරණ මිලකට එම භාණ්ඩ පාරිභෝගිකයිනට අලෙවි කළ යුතුය.

අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමක් සිදුකළහොත් ඊට එරෙහිව ක‍්‍රියා කිරීමට පාරිභෝගික අධිකාරියට බලය හිමිව තිබේ.

මේ සම්බන්ධව අදහස් දක්වමින් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පැවසුවේ මිල පාලනය ඉවත් කළ ද මෙම භාණ්ඩ ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් ලබානොදුනහොත් දැනට වෙළෙඳපොළේ පවතින මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය නැති කළ නොහැකි බවයි.

එසේම මිල පාලනය ඉවත් කළ ද තමුනට තනි තනිව මිල ඉහළ දැමීමක් සිදු කළ නොහැකි බවත්, තම වෙළෙඳ සංගම් සහ පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර පාරිභෝගිකයින්ටත් තම සමාගම්වලටත් අසාධාරණයක් නොවන පරිදි මිල තීරණය කරන බවත් ඔවුහු පැවසූහ.

පාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment