කරන්නාගොඩගේ තහනම පිටුපස හිටපු හමුදාපතිවරයකුත්

932

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ ඇමෙරිකාවට පැමිණීම එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහනම් කළේ හිටපු නායක හමුදාපතිවරයකු සහ රහස් පොලිසියේ පරීක්ෂකවරයකු ලබාදුන් සාක්ෂි මත යයි අනාවරණය වී ඇත.

එම සාක්ෂිකරුවන් කරන්නාගොඩට එරෙහිව රහස් පොලිසියට ද කටඋත්තර දී තිබේ.

මෙම සිද්ධියට සම්බන්ධ තරුණයන් 11 දෙනකුගේ පිරිස රඳවා සිටි බව කියන ත්‍රිකුණාමලයේ නාවික කඳවුරේ භූගත බංකරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිලධාරීන් පිරිසක් පරීක්ෂාවට ලක්කර ඇටකටු තොගයක් සොයාගෙන තිබූ අතර එම ඇටකටු සතෙකුගේ බව හෙළි වී ඇත.

මේ අතර වසන්ත කරන්නාගොඩට එරෙහිව රහස් පොලිසියට කටඋත්තර දුන් තවත් නාවික නිලධාරියකුට ඔස්ටේ්‍රලියානු රජය එරට දේශපාලන රැකවරණ ලබා දී ඇත.

ඇමෙරිකානු රජය පැනවූ මෙම තහනම යුරෝපා රටවල් ද ක්‍රියාත්මක කිරීම සඳහා ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉල්ලා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment