ගුවන් හමුදා පාපැදි සවාරිය: තෙවන අදියරයේ පළමු ස්ථානය යුද හමුදාවට

118

ශ්‍රී ලංකා ගුවන් හමුදා 73 වන සංවත්සරයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව 25 වන වරටත් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදා පාපැදි සවාරියේ තෙවන අදියර ඊයේ (05 වැනිදා) දින උදෑසන පොලොන්නරුවෙන් ආරම්භ විය.

තෙවන අදියර පොලොන්නරුවේ සිට ත්‍රිකුණාමලය දක්වා (කි.මී 125.7) දුරක් පාපැදි තරගකරුවන් ධාවනයේ යෙදුනු අතර එහිදි තෙවන අදියරේ ප්‍රථම ස්ථානය යුද හමුදා කණ්ඩායමේ පසිදු තිසේරා දිනාගත් අතර, දෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමේ සංජු දිමන්ත අත් කරගන්නා ලදී. තරගයේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායමේ ශෙහාල් චමෝද් හට හිමි විය.

තරගයේ සිව්වන අදියර ලෙස ත්‍රිකුණාමලය සිට වව්නියාව දක්වා කි.මී 139.4 දුරක් පාපැදි තරගකරුවන් අද දිනයේ ධාවනයේ යෙදීමට නියමිතව ඇත

advertistmentadvertistment
advertistmentadvertistment