චේ අල්ලාගත් ජෙනරාල් සැල්මොන් මියයයි

667

කියුබානු විප්ලවවාදී නායක අර්නස්ටෝ චේ ගෙවාරා අල්ලාගත් බොලිවියානු ජෙනරාල් ගැරී ප්‍රාඩෝ සැල්මොන් මරණයට පත්ව තිබේ. ඔහු මරණට පත්වන විට 84 වැනි වියේ පසුවිය.

1967 දී ගැරී ප්‍රාඩෝ සැල්මොන් විසින් එක්සත් ජනපද රහස් සේවා නියෝජිතයින්ගේ සහාය ඇතිව චේ ගෙවාරා විසින් සංවිධානය කරන ලද කොමියුනිස්ට් කැරැල්ලක් පරාජය කරන ලද බොලිවියානු හමුදා මෙහෙයුමකට නායකත්වය දුන්නේය. එකල බොලිවියාවේ තිබුණේ දක්ෂිණාංශික හමුදා රජයකි.

අහම්බෙන් නිකුත් වූ වෙඩි උණ්ඩයක් කොඳුඇට පෙළට වැදීමෙන් පසු ජෙනරල් ප්‍රාඩෝ 1981 සිට සිය ජීවිතය ගෙවුවේ රෝද පුටුවක් භාවිත කරමිනි. ඔහු 1967 වර්ෂයේ සිය වැදගත් ජයග්‍රහණය ගැන පොතක් ලියූ අතර එම ග්‍රන්ථය ‘මම චේ අල්ලා ගත් හැටි’ (How I Captured Che) යනුවෙන් නම්කර තිබුණි.

1967 ඔක්තෝබර් අටවෙනිදා ‘චේ‘ බොලීවියානු ආණ්ඩුවේ හමුදාවට හසු වූ අතර පසුදින ඔහු මරා දමා තිබුණි.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment