ජනපති ලේකම් කාර්යාලය අසල වෘත්තිකයන්ගේ විරෝධයක්

139

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, විදුලිබල ඉංජිනේරු හා තවත් වෘත්තිකයන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණීමත් සමග ඊයේ උණුසුම් සහගත තත්ත්වයක් උද්ගත විය.

ජනාධිපති ලේකම් කාර්යාලය අවට දැඩි ආරක්‍ෂාවක් යොදවා ඔවුන් එහි යෑම නැවැත්වූ අතර පසුව උද්ගතව ඇති අර්බුද හා ගැටලු ගැන සාකච්ඡාවක් ඉල්ලා තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනකු ද ඔවුන් සමග සාකච්ඡා කර තිබේ. නිසි සාකච්ඡාවක් නොලැබුණ නිසා පසුව යළි එන බව පවසා ඔවුන් විසිර ගොස් තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment