ජීවන වියදම ඉහළ යාමට එරෙහිව පකිස්ථානයේ විරෝධතා

196

ජීවන වියදම ඉහළ යාම සහ ආහාර හිගයට එරෙහිව පකිස්ථානයේ සිටින කාශ්මීර ජනතාව දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.ගිල්ගිට් බල්ටිස්ථාන ප්‍රදේශයේ පැවති මෙම උද්ඝෝෂණයේදී අධිවේගී මාර්ග හරස් කරමින් ද ටයර් පුලුස්සමින් ද විරෝධතාවය දැක්වූහ. මේ සදහා ශිෂ්‍යයින්, නීතීඥයින්,සිවිල් සංවිධාන සහ කාන්තාවන් එක්වූහ. තිරිගු පිටි මිල රුපියල් 1200 දක්වා ඉහළ දැමීමට, අත්‍යවශ්‍ය ආහාර හිගයට සහ රජය විසින් පිටි ගබඩා වසා දැමීමට පියවර ගැනීමට විරෝධය පළ කරමින් ද මෙම විරෝධය පළ කර තිබේ. බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාව සහ පකිස්ථානය වෙන් කිරීමේදී පකිස්ථානය බලහත්කාරයෙන් මෙම ජනතාව දේශ සීමා ප්‍රදේශයේ රදවාගෙන සිටින බවත් ඔවුනට ඉතිහාසයේ සිට හිංසා කරන බවත් චෝදනා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment