ටාෂියා කාලිදාස පකිස්ථාන ටෙලි කතාවක

1306

පාකිස්ථානයේ රූගත කරනු ලබන Sinf-e-Aahan (women of steel) අයෝමය ගැහැණිය ටෙලි කතා මාලාවේ රංගනය සඳහා ජනප‍්‍රිය හා ලාබාල රංගන ශිල්පිනියක් වන ටාශියා කාලිදාසට අවස්ථාව හිමිව ඇත. එහි රූගත කිරීම් පසුගිය අගෝස්තු මාසයේදී පාකිස්ථානයේදී ඇරඹිණ. මෙම ටෙලි කතාව ශ‍්‍රී ලංකා යුද හමුදාවත් පාකිස්ථානයත් එක්ව කරනු ලබන නිර්මාණයකි. ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් ටාශියාට මෙම නිර්මාණයට සහභාගි වීමට අවස්ථාව ලබා දී ඇත.

දැන් පකිස්ථාන මිල්ටරි ඇකඩමියේ තිබුණ ෂූටිං ඉවර කරල අවසන් අදියරේ රූගත කිරීම් සඳහා කරච්චි ඇවිදින් ඉන්නේ.

ටාෂියා කාලිදාස පකිස්ථාන ටෙලි කතාවක

මාස තුනක් තිස්සෙ ඉඳන් තවම රූගත කිරීම් සිදුවෙනවා යැයි ටාෂියා ‘දිවයින’ට පැවසුවාය.

කොටස් විසිහයකින් යුතු මෙම ටෙලි කතා මාලාව රචනා කර තිබෙන්නේ උමේරා අහමඞ් විසිනි. මෙය පකිස්ථාන් ටෙලි නාට්‍ය කේෂත‍්‍රයේ දෙවන මිල අධික නිෂ්පාදන පිරිවැයක් දැරූ නිර්මාණයකි.

නිරෝෂා වාසල

advertistmentadvertistment
advertistmentadvertistment