කෝට්ටේ නගර සභා මන්ත‍්‍රීවරියෝ 6ක් සභාව අතරතුර බිම වාඩිවෙති

291

මහා සභාව අතරතුර ප‍්‍රදේශයේ ගැටලූ ඉදිරිපත් කරන අවස්ථාවේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහනගරසභාවේ නගරාධිපති අයි. වී. පේ‍්‍රමලාල් මහතා දිගින් දිගටම බාධා කළේ යැයි පවසමින් කෝට්ටේ නාගරික මන්ත‍්‍රීවරියන් 6 දෙනකු ඊට විරෝධය පා නගර සභා ගර්භය මැදට පැමිණ බිම වාඩි වී පැයකට ආසන්න කාලයක් විරෝධතාවයක නිරත වූහ. එහිදී සභාව උණුසුම් මුහුණුවරක් ගැනණිි.

කෝට්ටේ නගරාධිපති අයි. වී. පේ‍්‍රමලාල් මහතාගේ (ශ‍්‍රී ලං පො පෙ) ප‍්‍රධානත්වයෙන් කෝට්ටේ මහනගරසභා

රැස්වීම් ශාලාවේ නොවැම්බර් මාසික මහා සභා රැස්වීම පැවැත්වෙමින් තිබෙන අතරතුරදී ඔවුහු මෙලෙස නිහඬ විරෝධතාවයේ නිරත වූහ.

මෙලෙස නිහඬ විරෝධතාවයේ නිරත වූයේ හර්ෂනී සඳරුවනි (එජාප) ශ්‍යාමා අලහප්පෙරුම (එජාප) ප‍්‍රියදර්ශනී ආරියරත්න (එජාප) ජානකි සුධර්මා ගුණවර්ධන (එජාප) සන්ධ්‍යා නාමලී ගුණරත්න (ශ‍්‍රී ල නි ප) ඉන්ද්‍රා මල්කාන්ති (ජවිපෙ) යන නාගරික මන්තී‍්‍රවරියන්ය.

මෙහිදී මුලින් ගැටලූව ඉදිරිපත් කරන්නට වූයේ නාගරික මන්ත‍්‍රිනී හර්ෂනී සඳරුවනී මහත්මියයි. (එජාප) ඇය නාවල කොස්වත්ත සුසාන භූමියේ ගැටලූවක් ගැන කරුණු ඉදිරිපත් කරන්නට වීමත් සම`ග නගරාධිපතිවරයා මෙසේ කියන්නට විය.

සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලවයි සභාව පවත්වන්නේ. හරියටම පැයක් ඇතුළත මම සභාව අවසන් කරනවා. වැදගත් දෙයක් කතාකරන්න ඔබතුමිය.

නාගරික මන්ත‍්‍රීනි හර්ෂනී සඳරුවනී මහත්මිය (එ. ජා ප) – වැදගත් දේවල් තමයි සභාවේ කතාකරන්නේ. ජනතාවගේ ප‍්‍රශ්න ගැන කතාකරන්න අපිට අයිතියක් තියෙනවා. ඔබතුමා අපිට ජනතාවගේ ගැටලූවක් කතාකරන්න දෙන්නේ නැහැනේ. මේක පුදුම සභාවක්.

එහිදී නගරාධිපතිවරයාගේ බාධා කිරීම් සම`ග හර්ෂනී සඳරුවනි නාගරික මන්ත‍්‍රීවරිය සභා ගර්භය මැදට පැමිණ බිම වාඩි වී නිහඬ විරෝධතාවයක නිරතවන්නට වූවාය.

එම අවස්ථාව මාධ්‍යවේදීන් විසින් ඡුායාරූප ගත කරන්නට උත්සාහ දැරීමත් සම`ග නගරාධිපතිවරයා ‘‘ඡුායාරූප ගන්න එපා’’ යැයි පවසමින් බලපෑම් කළේය.

ඉන් අනතුරුව අනෙක් මන්ත‍්‍රීවරියන් 5 දෙනාද සභා ගර්භය මැදට පැමිණ බිම වාඩිවී නිහඬ විරෝධතාවයේ නියැලූණහ.

නාගරික මන්ත‍්‍රී ප‍්‍රභාත් විiාරූප මහතා (ශ‍්‍රී ලනිප) නගරාධිපතිතුමා, ඔබතුමා මාධ්‍යයට තර්ජනය කරනවා. ලැජ්ජයි. ජනතාව යම් තොරතුරක් දැනගන්නේ මාධ්‍ය තුළින්. ලැජ්ජයි අගනුවර නගර සභාව ගැන.

නගරාධිපති අයි. වී. පේ‍්‍රමලාල් මහතා (ශ‍්‍රීලපොපෙ) ඔබතුමා අනවශ්‍ය දේවල් කතාකරන්න එපා. කතාව සීමා කරන්න. තව මන්ත‍්‍රීවරුන් සභාවේ කතාකරන්න ඉන්නවා.

නාගරික මන්ත‍්‍රී ප‍්‍රභාත් විiාරූප මහතා (ශ‍්‍රීලනිප) මම අනවශ්‍ය දේවල් කතාකරන්නේ නැහැ. සභාවේ මතු කරන කාරණා ටික මට කතාකරන්න දෙන්න ඔබතුමා ඒකට බාධා කරන්න එපා.

නාගරික මන්ත‍්‍රීනි ප‍්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය (එජාප) – මේ හර්ෂනී මන්ත‍්‍රීතුමිය හා තවත් සමහර මන්ත‍්‍රීවරුන් ගැටලූ ගැන කතාකරන කොට නගරාධිපතිතුමා ඔබතුමා දිගින් දිගටම බාධා කළා. තවත් සමහර මන්ත‍්‍රීවරුන් කතාකරන කොට බාධා කරන්නේ නැහැ. මේ ගැන අපේ විරෝධය පළ කරනවා.

නාගරික මන්ත‍්‍රීනි ඉන්ද්‍රා මල්කාන්ති මහත්මිය (ජවිපෙ) නගරාධිපතිතුමා ඔබතුමා මේ සභාවේදී කාන්තා මන්ත‍්‍රීවරියන්ට කතාකරන්න දෙන්නේ නැහැ. බාධා කරනවා. කාන්තා හිංසනයක් සිදු වෙනවා. අනිත් එක නගරාධිපතිතුමා ඔබතුමා මාධ්‍යයට තර්ජනය කරන්න එපා.

නාගරික මන්ත‍්‍රී චන්දිම නයනජිත් මහතා (එජාප) මෙතන ඉන්න මන්තී‍්‍රවරියන්ට කතාකරන්න නොදීම සම්බන්ධයෙන් මගේ විරෝධය පළ කරනවා. අපි මන්ත‍්‍රීවරියන්ගේ අයිතිවාසිකම් සුරකින්න ඕනෑ. මේ මන්ත‍්‍රීවරියන් හයදෙනා කරන නිහඬ විරෝධතාවයට අපි අපේ සහයෝගය ලබා දෙනවා.

නගරාධිපති අයි. වී. පේ‍්‍රමලාල් මහතා (ශ‍්‍රී ලංපොපෙ) මේ භූමිතෙල් කාපු ගැරඬියා වගේ හැසිරෙන්න එපා. ඔයා සිරිකොතට ගහපු කෙනානේ.

මෙම ඡායාරූප කෝට්ටේ නාගරික මන්ත‍්‍රීවරුන් විසින් එවන ලදී.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment