ණය අර්බුදය විසදන හැටි ජනපති කැනඩා හිටපු අගමැතිට පවසයි

239

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තුව සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර, වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි. ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ (IDU) 40 වන සංවත්සරයට සමගාමීව ජුනි මස 19 සහ 20 යන දෙදින තුළ ලන්ඩන් නුවර පැවති එහි වාර්ෂික සංසදය අතරතුර මෙම සාකච්ඡාව පැවැත්විණි. පරිසර අභියෝග, ආර්ථික සමෘද්ධිය සහ ජාතික ආරක්ෂාව යන්න සංකීර්ණ මාතෘකා බවට පත්ව ඇති යුගයක, දේශගුණික විපර්යාසවලට මුහුණදෙමින් වඩා සුරක්ෂිත සහ සමෘද්ධිමත් ලෝකයක් ගොඩනැඟීමට එක්ව කටයුතු කරන්නේ කෙසේද, යන්න සාකච්ඡා කිරීමේ අරමුණින් ලෝක නායකයන් මෙවර සංසදය සමඟ එක්ව සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment