ත්‍රස්ත පනතට එරෙහිව මාලිමාව උසාවියට

72

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගය පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (12 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය. නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනුකර තිබූ එම විශේෂ පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇත.

මෙම පනත් කෙටුම්පත මගින් රජය උත්සාහ දරනුයේ රජයේ අයුතු ක්‍රියාදාමයන්ට එරෙහිව නැගීසිටින විරුද්ධ පාක්‍ෂිකයන් ඇතුළු රටේ ජනතාව අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින් රජයට එරෙහිව නැගීසිටීම වැළැක්වීම වන්නේ යැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් අධිකරණයට කියා තිබිණි. මෙම පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා විසින් පසුගිය වසරේ අප්‍රේල් මස හා සැප්තැම්බර් මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඒ සම්බන්ධයෙන් රටේ ජනතාවගෙන් එල්ල වූ දැඩි විරෝධතාවය නිසා සංශෝධනයට ලක්කර ඉදිරිපත් කරන බව පෙන්වා දෙමින් ඉල්ලා අස්කර ගත් බවත් සිය පෙත්සම මගින් පෙත්සම්කරු කියා තිබිණි.

සංශෝධනයට ලක් කරනා බවට පොරොන්දු වී ඉල්ලා අස්කර ගත් නමුත් මෙවර ද ඉදිරිපත් කර ඇත්තේ මූලික හරය නොව වචන කිහිපයක් පමණක් සංශෝධනය කළ මුල් පනත් කෙටුම්පත වන්නේ යැයි ද එමගින් අධිකරණයට පෙන්වා දී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment