ත්‍රීරෝද රථ ඉන්ධන කෝටාව වැඩි කරන හැටි ඇමැති කියයි

285

ත්‍රී රෝද රථ වලට දිවයිනේ ඕනෑම ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගතහැකි බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව එම ත්‍රීරෝද රථ ලියාපදිංචිය වූ පොලිස් බල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හල් වලින් පමණක් ඉන්ධන ලබාදීමේ නීතියක් ක්‍රියාත්මක නොවන බව ද පවසයි. එසේම මීටර් භාවිතා කරන සහ මිල ගාස්තු ප්‍රදර්ශනය කරන කුළී සේවා ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලීටර් 05ක කෝටාව වැඩිකිරීමට ද පියවර ගන්නා බව ද සදහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ඇසූ පැනයකට පිළිතුරු ලෙසය.

advertistmentadvertistment
advertistmentadvertistment