අමාත්‍යාංශ ලේකම්ට ලක්ෂ 14ක වැටුපක්

2133

මෙයාගෙ ඇමති ජනතාවට කැපකිරීම් කරන්න කියන අයෙක්!

ප්‍රභල දේශපාලනඥයකු විසින් අමාත්‍ය ධුරය හොබවන රටේ ප්‍රධාන අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ මාසික වැටුප ලක්ෂ 14ක් බව අනාවරණය වී ඇත.ඊට අමතරව ඔහුට අතිකාල දීමනා පවා හිමිවන අතර එම අමාත්‍යාංශ ලේකම්වරයාගේ පෞද්ගලික ලේකම්ගේ වැටුප ද ලක්ෂ 04ක් බව වාර්තා වෙයි. අදාළ ලේකම්වරයා මීට පෙර මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ආයතනයක සේවයේ නියුතු වූ අයකු වන අතර ඔහුට හිමි වත්මන් වැටුප හිමිවනුයේ එම ආයතනයේ වැටුප් පරිමාණයටය. කෙසේ වෙතත් මෙම ලේකම්වරයාගේ ප්‍රභල ඇමැතිවරයාට ද හිමිවනුයේ රුපියල් ලක්ෂයකටත් වඩා අඩු වැටුපක් බව ද වාර්තා වෙයි.රට මේ වන විට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට ලක්වී ඇති මොහොතක රාජ්‍ය නිලධාරියකු මෙලෙස මිලියන ගණනින් වැටුප් ලබා ගැනීම පිළිබඳව මේ වන විට රාජ්‍ය නිලධාරීන්ගේ ද අවධානයට යොමුව ඇත.මෙම ලේකම්වරයාගේ ප්‍රභල ඇමැතිවරයා විටින් විට විශේෂ ප්‍රකාශ කරමින් රාජ්‍ය වියදම් මෙන්ම සියලුම ජනතාව පවතින තත්ත්වය හමුවේ සිය වියදම් අවම කර කැපකිරීම් කරන්නට සූදානම් වන ලෙස ද ඉල්ලා සිටින අයකු වීම ද විශේෂත්වයකි.

අකිත පෙරේරා
 

advertistmentadvertistment
advertistmentadvertistment