තෑගිත් අරන් පන්සලෙන් පල්ලියට නෑ ගමනක්

500

නත්තල් දා තෑගි රැගෙන පන්සලෙන් පල්ලියට නෑගම් ගිය අපූරු සිදුවීමක් පානදුර වික්ෂෝපමාතා දෙව්මඳුරේදී දැක ගැනීමට හැකි විය.

පානදුර ගල්ගොඩ ඓතිහාසික ශ්‍රී මහා විහාරස්ථානයේ විහාරාධිපති කළුතර පානදුර දෙතොටමුණේ ප්‍රධාන සංඝනායක පොතුපිටියේ පඤ්ඤාසේකර නාහිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ හත්නමක් මේ අයුරින් පානදුර වික්ෂෝපමාතා දෙව්මැඳුරට වැඩම කළහ. රංජන් ප්‍රනාන්දු ප්‍රධාන පියතුමාත්, ශානක මෙන්ඩිස් සහායක පියතුමන් සහ යහපත් එf`ඩ්රාගේ කන්‍යාරාමයේ රේණුකා ද සිල්වා ප්‍රධාන මව්තුමිය විසින් මහා සංඝරත්නය ගෞරවයෙන් පිළිගෙන විශේෂ සංග්‍රහයක්ද පිරිනමන ලදී.

පානදුර මූලස්ථාන පොලිසියේ පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටී අතර දේවස්ථානයේ මීසම් ලේකම් සනත් නානායක්කාර මහතා විසින් වැඩසටහන සංවිධානය කර තිබුණි.
වාද්දුව – සුමිත් පොතුපිටිය සහ පානදුර – දීපිකා කාරියවසම්

advertistmentadvertistment
advertistmentadvertistment