තෙල් ගෑස් වැට් වදී

369

වරාය බදු ඉවතට

ඉන්ධන සහ ගෑස් සඳහා 2024 ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉන් ඉවත් කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා පෙරේරා මහත්මිය පැවසුවාය.

ඒ අනුව ඉන්ධන සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී සියයට 7.5ක වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත්වනු ඇති බව ඇය සඳහන් කළාය.

වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉන් ඉවත් කරමින් සිදු කරන බදු ගැලපුම් නිසා ඉන්ධන සහ ගෑස් සඳහා සියයට 18 කින්ම බදු වැඩි වීමක් සිදු නොවන බව ද ඇය සඳහන් කළාය.

මේ අනුව ගෑස් සඳහා සියයට 18ක වැට් බද්ද ක්‍රියාත්මක කිරීමේදී එම බද්දෙන් ඉන් සියයට 2.5ක වූ වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත්වනු ඇති බව ද ඇය කියා සිටියාය.

ගෑස්, පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් වෙනස්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කිරීමක් කරමින් ඇය මේ බව කීවාය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment