තෛපොංගලයට රජිනි පවුල කරන්න හදන පෙරළිය – Lal Salaam

50

කපිල් දේව් විශේෂිත වූ රංගනයක
රජිනිකාන්ත් ගේ බාලදියණියගේ අධ්‍යක්ෂණයක්

ලාංකේය අපට අප ගේ සිංහල සිනමාවට මෙන්ම ඉන්දීය සිනමාවට ද ඇත්තේ ඉතාමත් සමීප සම්බන්ධතාවයක්. මොහොතකට සිතා බලන්න, අතීතයේ අපේ සිනමාවත් සමග කරට කර තිබූ ඉන්දීය සිනමාවට අද වනවිට හිමි වී ඇති ස්ථානය පිළිබඳව. වර්තමානය වනවිට ලාංකේය සිනමාවත් අළු ගසා දමමින් හිස ඔසවාගෙන පැමිණියත් අප ළඟා කරගත යුතු සීමාවන් රාශියක් තිබෙන බව මතකයේ තබා ගතයුතුව තිබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්නට සැරසෙන්නේ අපගේ අසල්වැසි රටේ දේවත්වයෙන් අදහන ජීවමාන බොලිවුඩ් තරුවගේ නවතම චිත්‍රපටය ගැනයි. ලෝකවාසී සිනමා රසිකයින්ගේ නොමද ආදරයට බඳුන් වන ඔහු පසුගියදා සිය 73 වැනි උපන්දාව සැමරුවා. වයස ඉලක්කමක් පමණක්ම කරගත් අදටත් රසික සිත්සතන් තුළ නොමැකෙන නාමයක් රඳවාගෙන සිටින සුපර් ස්ටාර් නාමයෙන් හඳුන්වන රජිනි කාන්ත් තවමත් වාර්තා පිට වාර්තා තබන චිත්‍රපටයන්හි චරිත නිරූපණයට දායක වෙන්නේ ප්‍රේක්ෂකාගාරයට සිය වයස අමතක කරවමිනි.

පසුගිය අගෝස්තුවේ තිරගත වූ ඉන්දීයානු රුපියල් කෝටි 600ක ආදායමක් සමගින් අතිසාර්ථකත්වයට පත් වූ ජේලර් චිත්‍රපටයෙන් පසුව තිරගත වීමට නියමිත රජිනි කාන්ත් ගේ නවතම චිත්‍රපටය වන්නේ ලාල් සලාම්ය. වසර 50කට ආසන්න කාලයක් දමිළ සිනමාව ලොවක් ඉදිරියේ ඔසවා තබන්නට අසීමිතව කැපකිරීම් කළ රංගන ශිල්පියකු ලෙස විවාදයකින් තොරව හඳුන්වාදිය හැකි නිසාවෙන්ම තමිල්නාඩු ජනයා පමණක් නොව, සමස්ත ඉන්දියාව ම ඔහුට ජීවමාන සිටිය දී වුවද දේවත්වයෙන් සැලකීම අරුමයක් කරගතු යුතු නොවේ.

තෛපොංගලයට රජිනි පවුල කරන්න හදන පෙරළිය - Lal Salaam

Vai Raja Vai” Cinema Veeran යන ආදායම් වාර්තා අලුත් කළ චිත්‍රපට ත්‍රිත්වයක් අධ්‍යක්ෂණයෙන් හැඩකළ සුපර් ස්ටාර් රජිනි කාන්ත්ගේ බාලදියණිය වන ආශ්චර්යා රජිනි කාන්ත් විසින් අධ්‍යක්ෂණය කරනු ලබන නවතම චිත්‍රපටය වන ලාල් සලාම් දමිළ චිත්‍රපටය sports drama ශානරයට අයත් වෙනවා. ඇය සමගින් විෂ්ණු රංගසාමි විසින් මෙහි තිර රචනය සිදුකර ඇති අතර චිත්‍රපටයේ කතා සංකල්පත් විෂ්ණු රංගසාමිගේයි. ඒ වගේම ලාංකේය අපට ද සම්බන්ධතාවයක් ඇති ලාංකිකයන් අතර ද නිතර කියවන නමකට හිමිකම් කියන Lyca Productions හි හිමිකාරිත්වය දරන සුභාෂ්කරන් අලිරාජා විසින් ලාල් සලාම් චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය දරනු ලබනවා.

දමිළ සිනමාවේ සුපිරි තරුව වන රජිනි කාන්ත් මෙහි විශේෂිත වූ චරිතයක් නිර්මාණය කරන අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දමිළ සිනමාවේ අතිශය ජනප්‍රිය තරුණ රංගන ශිල්පී දෙපළක් වන විෂ්ණු විශාල් සමගින් විඛාන්ත් යන අයයි. මෙය sports drama ශානරයට අයත් වෙන බව මා ඔබට මුලින් සඳහන් කළ නිසාවෙන් චිත්‍රපටය නරඹන ඔබව පුදුමයට පත්කරන්නට ඉන්දීය සුපිරි ක්‍රිකට් තරුව වන කපිල් දේව් විශේෂිත වූ රංගනයක යෙදෙන බව සඳහන් කළ යුතුමයි. මීට අමතරව Vignesh” Livingston” Senthil” Jeevitha” K. S. Ravikumar” Thambi Ramaiah” Nirosha” Ananthika Sanilkumar” Vivek Prasanna” Dhanya Balakrishna” Thangadurai” Akash Sahani” Poster Nandakumar” Adithya Menon” Pondy Ravi ඇතුළු අතිදක්ෂයන් පිරිසක් ලාල් සලාම් චිත්‍රපටයේ රංගනයේ දායකත්වය සපයනවා.

තෛපොංගලයට රජිනි පවුල කරන්න හදන පෙරළිය - Lal Salaam

ලාල් සලාම් චිත්‍රපටයේ නිකුත් වී තිබෙන පූර්ව ප්‍රචාරක පටය නැරඹූ ඔබ මේ වනවිටත් එහි ඇති අතිසූක්ෂම ලෙස මෙන්ම වෙනස් ආකාරයේ කැමරා කෝණයන් රැසක් දකින්නට ඇති අතර ඒ සියල්ලට ම වගකිය යුතු වන්නේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා මෙන්ම මෙහි කතා සංකල්පයේ හිමිකරුවා වන විෂ්ණු රංගසාමි. ඒ වගේම චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කරන්නේ ඊ. Pravin Baaskar විසිනි. චිත්‍රපටයක් සාර්ථකත්වයෙන් අතිසාර්ථකත්වයට පත්වන්නට ප්‍රධානතම සාධකය වන්නේ එහි සංගීතයයි. ලාල් සලාම් චිත්‍රපටයේ ඔබගේ දෙසවන් පුරවන්නට තරම් මිහිරියාවකින් යුතු සංගීතයක් ඔබට සමීප කරවන්නට සූදානම් වන්නේ භාරතයෙන් බිහිවූ අති දක්ෂතම සංගීත අධ්‍යක්ෂවරයා වන A. R. Rahman. මා ඔබට චිත්‍රපටයේ කතා තේමාව නොපවසා සිටියේ චිත්‍රපටයේ තොරතුරු පමණක් පැවසුවේ චිත්‍රපටය නැරඹීමට ඔබ තුළට කුතුහලයක් ලබාදිය යුතු නිසා බවත් ඒ හා සමාන වූ කුතුහලයක් මේ වනවිටත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නැරඹීමෙන් ඔබ ලබාගෙන ඇති කියා මා සිතනවා. ඉතින් දමිළ සිනමාවට හිතැති ආදරණීය වූ රසික රසිකාවියනි එළැඹන තෛපොංගල් දිනයට සමගාමීව ජනවාරි 12 වැනි දින සිට තිරගත වීමට නියමිත ලාල් සලාම් චිත්‍රපටය සිනමා ශාලාවකින් ම නරඹන්නට ආරාධනා කර සිටිනවා. එය ඔබට වෙනස්ම වූ අත්දැකීමක් වන බව නො අනුමානයි.

● ෂාමික ජයලත්

advertistmentadvertistment
advertistmentadvertistment