ජල මණ්ඩලේ පාඩු මැද මිලියන ගණන් දීමනා දීලා

86

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් බිලියන 03ක පාඩුවක් ලබා තිබිය දී අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය යටතේ 2022 වර්ෂයේ ප්‍රසාද දීමනා වෙනුවට පලදායි දීමනා ලෙස රුපියල් මිලියන 269ක මුදලක් එහි සේවකයින්ට ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව 2021 නොවැම්බර් මස 17 වැනිදා නිකුත් කළ මෙහෙයුම් අත්පොතට අනුව ප්‍රසාද දීමනා, දිරි දීමනා ගෙවීම් සිදුකළ යුත්තේ ලාභ එකාබද්ධ අරමුදලට යැවීමෙන් පසුව බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

ඊට පටහැනිව ජලසම්පාදන මණ්ඩලය රුපියල් බිලියන 03ක පාඩුවක් ලබා තිබියදී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය යටතේ පලදායි දීමනා ලෙස මෙකී මුදල ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති 2022 වර්ෂයට අදාළ වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment