දඹදිව වන්දනාවේ යන අයට සුභ ආරංචියක්

335


දඔදිව වන්දනාවේ යන වයස අවුරුදු 60ට අඩු සියළු බැතිමතුන් සදහා ඉන්දියානු නේපාල හදිසි ගමන් බලපත්‍රය සතියක් තුළ ලබාදීමට ආගමන විගමන දෙපාර්තුමේන්තුව පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා සංගමයේ සභාපති රෝහිත සිරිවර්ධන සහ ජාතික සංවිධායක හර්බට් විජේතුංග යන මහත්වරුන් හා විධායක සභාවේ ඉල්ලීමට අනුව ආගමන විගමන පාලක ජෙනරාල් හර්ෂ ඉලු‍ක්පිටිය මහතා මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා සංගමයේ අනුශාසක රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ මැදිහත්විම මත මහජන ආරක්ෂණ අමාත්‍ය ටිරාන් අලස් හා රාජ්‍ය අමාත්‍ය දිලු‍ම් අමුණුගම යන මහත්වරුන්ගේ සම්බන්ධිකරණය යටතේ අද ආගමන විගමන පාලක ජෙනරාල්වරයා සමග ශ්‍රී ලංකා විදේශ බෞද්ධ වන්දනා සංගමය ඒ සඳහා සාකච්ඡාවක් පැවැති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment