දයාසිරිගේ අභියාචනය ප්‍රතික්ෂේප වෙයි

64

තමන්ගෙන් නිදහසට කරුණු විමසීමට හා තමන් දැරූ පක්ෂ මහ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ගොනුකර තිබූ අභියාචනය බස්නාහිර පළාත්බද සිවිල් අභියාචනාධිකරණය මගින් ප්‍රතික්ෂේප කරන ලදී.

ශ්‍රී. ල. නි. ප. සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ෆ්‍රැන්ක් ගුණවර්ධන යන විනිසුරුවරු එම නියෝගය කළහ.

ශ්‍රී.ල.නි.ප.යේ එම තීරණයට එරෙහිව දයාසිරි ජයසේකර මහතා විසින් ගොනුකර තිබූ නඩුවක් කොළඹ දිසා අධිකරණ විසින් ප්‍රතික්ෂේප කර තිබූ අතර එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හෙතෙම අභියාචනය ඉදිරිපත් කර තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment