දසුන් පුහුණුවීම් අරඹයි

225

පාදයේ මාංශ පේශිවල හටගත් ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව සමග පැවති පසුගිය තරගයට සහභාගි නොවූ ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක යළි ඊයේ (19 වැනිදා) සිට සිය පුහුණුවීම් ආරම්භ කළේය.

ඉන්දියාවේ ලක්නව් හි එකානා ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ උදෑසන පුහුණුවීම්වල නිරත වූ අතර ඒ සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා නායකයා පැය භාගයකට ආසන්න කාලයක් පිතිකරණ පුහුණුවේ නිරත වූයේය. කෙසේ වෙතත් මීට පෙර නිකුත් වූ අයිසීසී වාර්තාවේ දැක්වුණේ ආබාධය හේතුවෙන් ශ්‍රී ලංකා නායකයා ට සති තුනක පමණ කාලයක විවේකයක් අවශ්‍ය බවයි. දසුන් අදාළ ආබාධයට ලක්ව තිබුණේ පසුගිය 12 වැනිදා ය.

advertistmentadvertistment
advertistmentadvertistment