දික්වැල්ල මුහදේ නෑමට ගිය තරුණයන් දෙදෙනෙක් මුහුදේ ගසාගෙන ගිහින්

37

දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල මුහුදු තීරයේ පෙරේදා (24) සවස දිය නෑමට ගිය තරුණයන් සිව්දෙනකුගෙන් තරැණයන් දෙදෙනකු මුහුදේ ගසාගෙන ගෙන ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය කියයි. පසුව පැය දෙකකට පමණ පසු එක් තරණයකුගේ සිරැර ආසන්න වෙරළට ගොඩගසා ඇති අතර අනෙක් තරුණයා අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

විනෝද චාරිකාවක් යමින් සිටි බලංගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවකයන් 170 ක පමණ පිරිසක් විවේක ගැනීම සඳහා පෙරේදා (24) සවස වෙරළ අයිනේ අවන්හලක නතරව සිටියදී මෙම අනතුර සිදුවී තිබේ.

මෙහිදී බලංගොඩ රාස්සගල ඌවැල්ල පදිංචි තලගහඅරාවේ ලහිරු සම්පත් රණසිංහ යන 27 හැවිරිදි අවිවාහක තරුණයාගේ සිරැර පමණක් ගසාගෙන ගොස් පැය දෙකකට පමණ පසු ආසන්න වෙරළට ගොඩ ගසා තිබේ. මෙම සිදුවීමෙන් අතුරුදන්ව සිටින්නේ බලංගොඩ ඇල්ලේපොළ වඩුකන්ද පදිංචි අබේසිංහ ලියනආරච්චිගේ නොෂාන් දෙනෙත් ලියනආරච්චි නමැති 25 හැවිරිදි තරැණයෙකි.

මියගිය තරුණයාගේ සිරැර දික්වැල්ල රජයේ රෝහලට රැගෙන ගොස් ඇති අතර අනතුරුව එහි පැමිණි දික්වැල්ල හදිසි මරණ පරීක්ෂක ජයන්ත සමරසිංහ මහතා මූලික විමර්ශනවලික් පසු මළසිරැර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාතර මහ රෝහලේ මෘතශරීරාගාරය වෙත ගෙනයන ලෙස නියම කළේය.

දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සංජීව සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්. පී. චතුරංග මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ලලිත්, පොලිස් සැරයන් (47427) චන්දික, (45533) ලක්ෂ්මන් යන මහත්වරු වැඩිදුර පරීක්ෂන පවත්වති.

නිමල් හේමසිරි – රදම්පල, දික්වැල්ල – එන්. ටී. කේ. ජනකනන්ද, බළන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment