දුම්රිය ධාවනයත් පෞද්ගලික අංශයට වජිර යෝජනා කරයි

176

ප්‍රධාන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය පෞද්ගලික අංශයට ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙරේදා (14දා) පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කීවේය.

ඒ අනුව ගාල්ල – බෙලිඅත්ත, කොළඹ -අබේපුස්ස, කොළඹ – යාපනය හා කොළඹ-නුවර යන දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය පෞද්ගලික සමාගම් වෙත භාරදිය යුතු බව මන්ත්‍රීවරයා යෝජනා කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම දෙපාර්තමේන්තුවට බලපාන ගැටලු එම සම්බන්ධීකරණ රැස්වීමේදී අනාවරණය කිරීමෙන් පසුවය.

මේක මෙහෙම කරන්න බැහැ. අපි අලුත් විදිහකට හිතන්න ඕනෑ. ගාල්ල-බෙලිඅත්ත දුම්රිය පාර අපි එක සමාගමකට දෙන්න ඕනෑ. කොළඹ-අබේපුස්ස තව කම්පැනියකට දෙන්න පුළුවන්. කොළඹ – යාපනය පාරේ දුම්රිය ධාවනය තවත් කම්පැනියකටත්, කොළඹ – නුවර පාර තව සමාගමකටත් භාර දුන්නාම අපිටත් කෝච්චියේ යන්න පුළුවන් විදියට මේවා හැදෙයි. ඒ තත්ත්වයට එන්න ඕනෑ අපි. එතකොට හොඳ හෝටල් එහෙමත් හැදෙයි යැයිද වජිර අබේවර්ධන මහතා මෙහිදී කීවේය.

එහිදී දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරියකු මන්ත්‍රීවරයා අමතා පැවසුවේ ඔව් සර් ගොඩක් රටවල්වල එහෙම තමයි කෙරෙන්නේ කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ඒක තමයි එතකොට ඔයාලගේ පඩියත් ඩබල් වෙයි කියාය.

කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment