දෙන්නම පදමට රත්වී රණ්ඩුවී සැමියාගේ උදලු මිටි පහරින් බිරිඳ මරුට

619

මඩකලපුව කරදියනාරු පොලිස් වසමේ කරුප්පට්ටි මලේ නෙවුන්ඩමලියමඩු වෙල්යායේ දී බිරිඳට උදලු‍ මිටෙන් පහරදී ඝාතනය කළ සැමියාව අත්අඩංගුවට ගෙන ඇත.

කරඩියන්කුලමේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ මව වන ජෙයකුමාර් පුවනේස්වරි (28) යන අයගේ දේහය සොයාගෙන ඇත.

බීමත්ව සිට ඇති සැමියා බිරිඳට මෙසේ පහරදී ඇත.

ගොවි බිමට ආරක්ෂාව සඳහා වල්ලිපුරම් ජෙයකුමාර් ඔහුගේ 10 වියේ දරුවා මවගේ නිවසේ නතර කර බිරිඳ හා 5, 3 වයස්වල දරුවන් සමග වෙල්යායේ තනන ලද පැලේ පදිංචි සිටි ඇති සිද්ධිය වූ දිනයේ වල්ලිපුරම් ජෙයකුමාර් හා ඔහුගේ බිරිඳ දෙදෙනාම මත්පැන් පානය කර ඇත.

මෙසේ දෙදෙනා බීමත්ව සිටියදී ඇතිවූ රණ්ඩුවක් දුරදිග යාමෙන් උදලු‍ මිටෙන් බිරිඳට පහර දීමෙන් බිරිඳ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කළ විමර්ශනවලින් අනාවරණය විය.

මියගිය කාන්තාවගේ සැමියා අඩංගුවට ගෙන ඇත. දේහය පශ්වාත් මරණ පරීක්ෂණය සදහා යොමුකිරීමට අධිකරණයේ අවසර ලබාගැනීමට සියලු‍ කටයුතු සිදු කර ඇති අතර කරදියනාරු පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මඩකලපුව සමූහ වාර්තාකරු ටී. එල්. ජ්ව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment