දෙසැම්බර් උද්ධමනය සියයට 4.2 යි

39

ඉකුත් දෙසැම්බර් මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 4.2 ක් දක්වා වැඩි වී ඇත.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් මේ උද්ධමනය ගණනය කර ඇත.

2023 නොවැම්බර් මාසයේදී ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය සියයට 2.8 ක් ලෙස වාර්තා විය.

2023 නොවැම්බර් මාසයේදී සියයට සෘණ 2.2 ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේදී සියයට 1.6 ක් දක්වා වැඩි වී ඇත. එසේම නොවැම්බර් මාසයේදී සියයට 7.1 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 6.3ක් දක්වා අඩු වී ඇතැයි ද ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment