දේශයේ ආර්ථිකයට තවත් සවියක් වෙමින් කාගිල්ස් සිය මධ්‍යගත බෙදාහැරීමේ මධ්‍යස්ථාන විවෘත කරයි

212

සිය ගමන් මගේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරමින් කාගිල්ස් (සිලෝන්) පොදු සමාගම 2023 පෙබරවාරි මස 8 වැනිදා සිය නව මධ්‍යගත බෙදාහැරීමේ මධ්‍යස්ථානය විවෘත කරන ලදී. ගත වූ වසර 40 ඉක්ම වූ කාලය තුළදී කාගිල්ස් ශ්‍රී ලංකාවේ විශාලතම ආහාර නිෂ්පාදන සමාගම ලෙසින් වර්ධනය වී ඇත්තේ වෙළඳපොළවල් නිර්මාණය කිරීම සහ ගොවි ප්‍රජාවට මෙන්ම දේශීය ව්‍යවසායකයින්ට සහායවීම සිය ප්‍රමුඛත්වය කරගනිමිනි. ඒ අනුව කාගිල්ස් හි දර්ශනය පදනම් වී ඇත්තේ ප්‍රජා සංවර්ධන සහ වඩා හොඳ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් කැපවීම කෙරෙහිය.

දේශයේ ආර්ථිකයට තවත් සවියක් වෙමින් කාගිල්ස් සිය මධ්‍යගත බෙදාහැරීමේ මධ්‍යස්ථාන විවෘත කරයි

කටාන ප්‍රදේශයේ පිහිටා ඇති, අක්කර 28 ක පමණ පැතිරුණු මෙම නව මධ්‍යස්ථානය වෙනුවෙන් සිදු කර ඇති ආයෝජන රුපියල් බිලියන 4 ක් පමණ වේ. මෙය සමාගමේ සැපයුම් දාම පද්ධතිය තවත් ඉහළ නැංවීමට සහ කාර්යක්ෂමතාවය සහ ඵලදායීත්වය වැඩි කරමින් බිම් මට්ටමේ ආර්ථික තත්ත්වයන් වැඩි දියුණු කිරීමට සමාගම තුළ ඇති කැපවීමේ සංකේතයක් ලෙසින් හැඳින්විය හැකිය. මෙම මධ්‍යස්ථානයෙන් දිනකට සාමාන්‍යයෙන් ඝන අඩි 50,000 ක ප්‍රමාණයක් බෙදාහැරීමේ පහසුකම් පවතී.

මෙම සමාරම්භක අවස්ථාවේදී අදහස් පළ කරමින් කාගිල්ස් සමූහයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි අර්ජුන කුමාරසිංහ මහතා පවසා සිටියේ, “අපගේ මෙම නවතම ආයෝජනය මෙහෙයුම් විශිෂ්ටත්වයේ සහ තාක්ෂණයේ මංසලකුණකට එහා ගිය දෙයක්. මේ හරහා වඩා හොඳ සැපයුම් දාමයක් තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ ගොවියන් නඟාසිටුවමින් දේශය සංවර්ධනය කිරීමට දායක වීමට අපට හැකියාව ලැබෙනවා. ගුවන්තොටුපළ සහ වරාය අතර සැලසුම්සහගතව පිහිටා ඇති නිසා සුමට සැපයුමක් සහතික කරන්න අපිට පුළුවන්. මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය දේශය ගොඩනංවන අතරේ අපගේ ව්‍යාපාරය දියුණු කිරීම කරා යන තිරසර ගමනේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් වනු ඇති බව අපේ විශ්වාසයයි යනුවෙනි. පරිසරය වෙනුවෙන් ඇති සිය කැපවීම් යළි තහවුරු කරමින් මෙම මධ්‍යස්ථානයේ මෙගාවොට් එකක සූර්ය බල පද්ධතියක් සහ වැසි ජල රැස්කිරීමේ පද්ධතියක් ද සමන්විත වේ. එසේම මෙහි රථගාල නවීකරණය කරන ලද ප්ලාස්ටික් ඇස්පොල්ට් තාර (PMAC) භාවිතයෙන් සකස් කර ඇති අතර ඒ සඳහා ප්‍රතිචක්‍රීය කළ නොහැකි ප්ලාස්ටික් කිලෝග්‍රෑම් 4600 ක් භාවිත කර ඇත.

මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථානය නිසා කාගිල්ස් සමාගම හට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟාසිටුවීමට කැපවිය හැකි අතර ඒ හරහා ආනයිනක නිෂ්පාදන මත රඳා පැවතීම වෙනුවට දේශීය නිෂ්පාදන ගැන අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත. රට තුළ ආහාර උද්ධමනය ඉහළ ගොස් ඇති මෙවන් කාලයක ව්‍යවසායකයින් හා පාරිභෝගිකයින්ට මෙම මධ්‍යස්ථානය හරහා සිදුවන සේවාව තුළින් ඒ බර අඩු කිරීමට හැකියාව සැලසෙනු ඇත. මේ වනවිට කාගිල්ස් සතුව සැපයුම්කරුවන් 900 කට වැඩි පිරිසක් සිටින අතර ඉන් 320 ක් පමණ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ය.

සමාගම හා බැඳී සිටිනා ගොවියන් 20,000 ක පමණ පිරිසක් සිටින අතර දේශීය නිෂ්පාදකයින්ට සහාය වීමට සහ අපනයන අවස්ථාවන් නිර්මාණය වෙනුවෙන් අනාගතයේ තව තවත් ඉහළ නැංවීමේ සැලසුමෙන් නිර්මාණය කර ඇති මෙම මධ්‍යස්ථානයෙන් ඔවුන් ද විශාල ප්‍රතිලාභ ලබනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment