නිදහස් උළෙලට අමුත්තෙක්

358

පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය දින පහක සංචාරයක් සඳහා පෙබරවාරි මස පළමුවැනිදා දිවයිනට පැමිණීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයක් මත 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා මහලේකම්වරිය දිවයිනට පැමිණේ.
ඇය පෙබරවාරි මස 05 වැනිදා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

සිය සංචාරය අතර තුර පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම්වරිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment