නිදහස් උළෙලේ ගෞරවනීය ආරාධිත තායි අගමැති

170

වෙළෙඳ ගිවිසුමකට අත්සන්

76 වැනි නිදහස් සමරු උළෙලේ ගෞරවනීය ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් මහතා සහභාගි වීමට නියමිතය.

තැවිසින් මහතා පෙබරවාරි තුන් වැනිදා ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම ඔහුගේ පැමිණීමේ තවත් එක් අරමුණක් වී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනය මත තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතය.

මෙවර ජාතික නිදහස් උළෙල සංස්කෘතිකාංගවලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාරවලට පමණක් සීමා කොට ගාලු මුවදොර දී පැවැත්වීමට තීරණය කර ඇත.

නිදහස් දිනයට පැමිණෙන ආරාධිතයන්ට පිළිගැන්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ සමරු කලාපයක් ද සම්පාදනය කරන අතර නැවත පරිශීලනය කළ හැකි සමරු කළඹක් ලෙස එය සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී දුන්නේය.

එමෙන්ම එම සමරු කළඹෙහි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ තායි භාෂාවලින් පළ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment