නිදා ගන්න හොඳම ඉරියව්ව කුමක්ද?

1347

නිදා ගැනීමේ දී අපි විවිධ ඉරියව් යොදා ගනු ලබයි. සමහරු නිදා ගන්නේ පැත්තට හැරීමේ ඉරියව් වෙනි. තවත් අය උඩු අතටත්, යටි අතටත් නිදා ගනිති. ඒ අතර පිරිසක් වකුටු වී නිදා ගනිති. මේ කුමන ආකාරයේ ඉරියව්වකින් හෝ උත්සාහ කරන්නේ සුවබර නින්දක් ලබා ගැනීම ය.

 නමුත් මෙම ඉරියව් නිසා ඇතැම් දෙනාට නින්ද ළඟා වීම පමාවීමත්, නින්දේ් දී හුස්ම ගැනීමේ අපහසුතා මතුවීමත් සිදුවිය හැකි ය.

 උඩු අතට නිදා ගැනීම

 බොහෝ දෙනා නිදා ගැනීමට හුරුවී සිටින ඉරියව්වක් වී ඇත්තේ හිස කෙළින් තබා ගෙන මුහුණ උඩු අතට හරවා ගෙන ය.

 මෙය උඩු අතට නිදා ගැනීමේ ඉරියව්ව ලෙස සලකයි.

නිදා ගන්න හොඳම ඉරියව්ව කුමක්ද?

 මෙලෙස නිදා ගැනීමේ දී ගෙල ප‍්‍රදේශයටත් කොඳු ඇට පෙළටත් ආතතියක් ඇතිවන්නේ නැහැ.

 මෙම ඉරියව්වට අනුව ඉතා ශක්තිමත්ව නිදා ගැනීමට නම් කොට්ටයක් නො මැතිව නිදා ගැනීම වඩාත් සුදුසු ය.

 උඩු අතට නිදා ගැනීම නිසා හොඳින් වායුව සංසරණය වීමෙන් මුහුණේ රැුලි වැටීම අඩු වේ.

 ඇතැම් අයට මෙලෙස නිදා ගැනීමේ දී ඇතිවන අපහසුතාවයන් වන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවය යි. එසේම නින්ද ඉක්මනින් ළඟා නොවීමේ ගැටලූත්් මතු වේ.

 යටි අතට නිදා ගැනීම

 මුහුණ මෙට්ටය වෙතට හරවා ගෙන නිදා ගැනීම යටි අතට නිදා ගැනීමේ ඉරියව්ව ලෙස සලකයි.

 මෙම ඉරියව්ව වඩාත් සුදුසු වන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති අයට ය. මුහුණ වම් පැත්තට හෝ දකුණු පැත්තට හරවා ගෙන නිදා ගැනීම මෙහි දී සිදුවේ. මෙහි දී නින්දේ දී ගෙරවීම ද අඩු වේ. ඒ නිසා නින්දෙන් ගොරවන අයට යටි අතට නිදා ගැනීම වඩාත් සුදුසුය.

 යටි අතට නිදා ගැනීමේ අවාසියක් වන්නේ කොන්දේ අමාරු ඇතිවීමේ ඉඩකඩ වැඩි වීමය. එසේ ම බෙල්ල දෙපස ට හැරවීම ට ද නිතර සිදුවේ.

 පැත්තට හැරී නිදා ගැනීම

 බොහෝ දෙනා නිදා ගැනීමට අනුගමනට කරන සුලභ ඉරියව්වක් වන්නේ පැත්තට හැරී නිදා ගැනීම ය. එහි දී වම් පැත්තට හෝ දකුණු පැත්තට හැරී නිදා ගැනීම සිදුකරයි.

 ගර්භණී අවධියේ දී එම මවට නිදා ගැනීමට උපදෙස් දෙන්නේ වම් ඇලයට හැරී නිදා ගැනීමට ය. එවිට රුධිර සංසරණය මැනවින් පවත්වා ගැනීමට හැකි වේ.

 පැත්තට හැරී නිදා ගැනීමේදී ද ඇතිවන ප‍්‍රධාන හිරිහැරය වන්නේ අත් හිරි වැටීම ය. එවිට විටින්විට ඉරියව් වෙනස් කරමින් නිදා ගැනීම කළ හැකිය.

 කෙසේ හෝ වේවා නිදා ගැනීමේදී වඩාත් පහසු ඉරියව්වෙන් නිදා ගැනීමට හුරුවිය යුතුය. තම ඉරියව්ව නින්දට බාධාවක් ඇතිවන ආකාරයේ මානසික ආතතියක් බවට පත්කර නො ගත යුතුය.

 සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment