නියඟයෙන් නටබුන් මතු වූ මවුස්සාකැලේ – කාසල්රී වැස්සෙන් යළි පිරේ….

324

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි කාසල්රී සහ මවුස්සාකැලේ ජල.පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය පුරා පස්වරුවේ අධික වැසි පතිත විය.

පසුගිය මාස කිහිපයේ එම ජල පෝෂක ප්‍රදේශවල පැවති දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍ර ලෙස අඩු වී තිබුණි. මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම අඩුවීම නිසා ජලාශය ඉදි කිරීමේදී යටවූ පැරණි මස්කෙළිය නගරයේ නටබුන් රැසක් මතු වී තිබුණි.

එම ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල දිනපතා පස්වරුවේ ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජල මටට්ම ඉහළ යමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවෝ පවසති.
නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment