නොරොච්චෝලෙට ගෙනා ගල්අඟුරු නැව් දෙකට මේ සතියේ මුදල් ගෙවනවා

170

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සඳහා ගෙන්වා ඇති ගල්අඟුරු නැව් දෙකේ ගල්අඟුරු තොගය සඳහා මේ සතිය අවසන්වීමට පෙර මුදල් ගෙවීම් සිදුකරන බව ලංකා ගල්අඟුරු බලාගාරයේ සභාපති ජගත් පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය.

එක් නැවකට ඊයේ (19 දා) ගෙවීමට නියමිත මුදලින් සියයට 80 ක් ගෙවූ බවත් අනෙක් නැව සඳහා ලබන සිකුරාදා (22 දා) සියයට 80 ක මුදල් ගෙවීමට සියලු වැඩ කටයුතු අවසන් කර ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

නැව් දෙක තුළ ගල්අඟුරු මෙටි්‍රක් ටොන් 120,000 ක් අඩංගු බවත් ඒ අනුව බලාගාරයට සැප්තැම්බර් දක්වා අඛණ්ඩව විදුලිය නිෂ්පාදනය කළ හැකි බවත් ජගත් පෙරේරා මහතා පැවසීය. ගල්අඟුරු ගෙන ඒම සාමාන්‍යයෙන් සැප්තැම්බර් 15 සිට අප්‍රේල් 15 දක්වා සිදුකරන බවත් ඒ අනුව විදුලිය මෙගාවොට් 900 ක් නිපදවීමට අවශ්‍ය ගල්අඟුරු තොග රටට ගෙන ඒමට හැකියාව පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment