පවුල් පිටින් සාප්පු සවාරි ගියොත් ජනවාරියේ කොවිඩ් පොකුරු ෂුවර්

102

‘මේ උත්සව සමයේ පවුල් පිටින් සාප්පු සවාරි, විනෝද චාරිකා යන්න එපා. එහෙම ගියොත් ලබන ජනවාරි, පෙබරවාරි මාසවල රටපුරා කොවිඞ් පොකුර ඇතිවෙන්න පුළුවන්…’ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ ලේකම් වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා ‘දිවයින’ට ඊයේ (14) පැවසීය.

මේ වන විට බොහෝ දෙනකුට පසුගිය අපේ‍්‍රල් පොකුර අමතකවීම කනගාටුවට කරුණක් බවද පැවසූ වෛද්‍ය කමල් ඒ. පෙරේරා මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

මේ නත්තල් සමයේ පවුලේ ඔක්කොම අඬගහගෙන සාප්පු සවාරි යන්න එපා. විනෝද චාරිකා යන්න එපා. ඒ වගේම වන්දනා ගමන් යන්න එපා. හැම කෙනෙක්ම පරිස්සමින් කටයුතු කරන්න. කොවිඞ් ප‍්‍රභේද ගණනාවක් රට තුළ තියෙනවා. කොවිඞ් අවදානම තවම පහවෙලා ගිහින් නැහැ. අදටත් දවසකට කොවිඞ් රෝගීන් 700 ඉක්මවලා හමුවෙනවා. දවසකට මරණ 20 ඉක්මවලා වාර්තා වෙනවා. මතකනේ අපේ‍්‍රල් රැල්ල. කොහොම රැුල්ලක්ද ආවේ. සෞඛ්‍ය අංශ විශාල කැප කිරීමක් කළා. ඒ කළ කැප කිරීම නිසයි අද රට විවෘත කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. සෞඛ්‍ය අංශ ලබාගත් ඒ ජයග‍්‍රහණය ආයෙමත් ආපස්සට හරවන්න එපා.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment