පළාත් කීපයකට තද වැසි

29

උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණ යන පළාත්වලට ඉදිරි දින කීපයේදී ද වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව දිවයිනේ නැගෙනහිර, ඌව පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි. මී. 100 ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

පොළොන්නරුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලට සවස 1.00න් පසු වැසි ඇතිවිය හැකි බවත්, කොළඹ සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මෙන්ම පොතුවිල් සිට හම්බන්තොට හරහා ගාල්ල දක්වා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා ඉහළ අගයක් ගත හැකි බව ද දැක්වේ.

තද වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සම්බන්ධයෙන් ගත යුතුව ඇති ආරක්‍ෂාකාරී පියවරයන් අනුගමනය කරන ලෙස ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව ජනතාවට වැඩිදුරටත් දන්වා සිටී.
සුජීව තත්සර සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment