පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන්ගේ ආරක්ෂක සෙබළෙක් දිවි හානි කරගනී

723

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදා සෙබලකු සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන අද උදෑසන දිවි හානි කරගෙන ඇත.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ ඉඩමකදී මෙලෙස දිවි හානි කරගෙන තිබේ.මියගොස් ඇත්තේ 22 හැවිරිදි වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි යුද හමුදා සෙබලෙකි.දිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වැල්ලවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment