පැය අටේ වැඩමුරය ඉල්ලා….

52

චිකාගෝ නුවර හේමාකට් සිද්ධිය තුළින් මැයි දිනය බිහි විය. මෙයට වසර ගණනකට පෙර ඇමරිකාවේ චිකාගෝ නුවර වැඩ කරන කම්කරු ජනතාව පැය අටේ වැඩමුරය ඉල්ලා ආරම්භ කළ දැවැන්ත වැඩ වර්ජනය පාලක පංතිය සහ පොලිසිය එක්ව බිහිසුණු ලෙසින් මර්දනය කරනු ලැබීය.

පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් චිකාගෝහි මාර්ග කම්කරු ජනතාවගේ රුධිරයෙන් තෙත් විය.

කම්හල් හිමියන් සහ රජය ද කම්කරු ජනතාව මර්දනය කිරීමට පොලිසිය යොදවා ගනු ලැබීය.

අවසානයේ වැඩ වර්ජනය මෙහෙය වූ කම්කරු නායකයන්ට බෝම්බ එකලස් කිරීමේ චෝදනා එල්ල කර කීපදෙනකුට මරණ දඬුවම නියම කෙරිණි. ඇතැමුන් සිරගෙදරදී සිය දිවිනසා ගනු ලැබීය. එදා දියත් වූ චිකාගෝ වැඩ වර්ජනය ඇමරිකාවේ නගර රැසක් පුරා පැතිර ගය අතර එය දරුණු ලෙස මර්දනය කෙරිණි.

වැඩ වර්ජිත කම්කරු නායකයන්ට එරෙහිව අධිකරණය පවා තීන්දු දුන්නේ පොලිසිය ඉදිරිපත් කළ බොරු සාක්කි මතය. වැඩ වර්ජකයන්ට එරෙහිව කම්හල් තුළ කළ සැලසුම් ගැන චෝදනා එල්ල වූ අතර එම චෝදනා චිකාගෝ පොලිසිය ගෙතූ ඒවා බව වසර කීපයකට පසු හෙළි විය.

වසර ගණනකට පෙර දියත් වූ පැය අටේ වැඩ මුරය ඉල්ලා කළ සටන සාර්ථක වූයේ වසර කීපයකට පසුවය. එදා චිකාගෝ කම්කරුවන්ගේ සටන ලොව පුරා ප්‍රචාරය වූ අතර ඊට සමාජවාදී රටවල සහායද විය. විශේෂයෙන්ම සෝවියට් දේශය ඇතුළු යුරෝපයේ පිහිටි සමාජවාදී රටවල් වෘත්තිය සමිතිවල සහාය ද ලැබිණි.

එසේ වුවත් ඇමරිකාවේ ධනවත් කම්හල් තවදුරටත් කම්කරු ජනතාව මර්දනය කරනු ලබයි. වෝරියෝ කඳවුරට අයත් රටවල් 7 ද ධනපති රටවල් බවට පත් වී තිබේ.

එසේම පැය අටේ වැඩ මුරය ලොව පුරා කම්කරු ජනතාවට හිමි වූවත් අද එය ආපස්සට පෙරළී ඇත. ඊට හේතුව සෝවියට් දේශය කඩා වැටීමයි.

පෝලන්තයේ ලෙච් මැලේයා නම් වූ කම්කරු නායකයා එරට නැව් තටාංගයක ආරම්භ කළ වැඩ වර්ජනය නිසා රජය බිඳ වැටුණි.

මේ වැඩ වර්ජනය පසුබිමේ ඇමරිකානු සීඅයිඒ සංවිධානය සිටි බව පසුව හෙළි විය. ඇමරිකාවේ ජනතාවට අද මෙම සිද්ධිය අමතක වී ඇත. විශාල කම්හල්වලින් සේවකයන් දසදහස් ගණනක් නෙරපා දැමීමේ අවස්ථාද මෑතකදී වාර්තා විය. ශ්‍රී ලංකාවේදී වැඩි වැටුප් ඉල්ලා දියත් වූ වැඩ වර්ජනය (ජුලි) ලක්ෂයකට අධික කම්කරුවන් රැකියාවලින් නෙරපා දැමුණි.

ඇතැමුන් දිවිනසා ගනු ලැබීය. මේ පසුබිම මැද ලොව රටවල් කීපයක පමණක් ලෝක මැයි දිනය සමරේ. චීනය, මොංගෝලියාව වැනි රටවල් පාරම්පරික මැයි දිනය පවත්වති. එසේම යුරෝපා රටවල් වෘත්තිය සමිති මැයි දින උත්සව සැමරුවත් එම සැමරුම් වලට විශාල ලෙස වැඩ කරන ජනතාව සහභාගි නොවේ.

කෙසේ වෙතත් චිකාගෝ නුවර හේමාර්කට් චතුරස්‍රයේදී දියත් වූ වැඩ වර්ජනය ඇමරිකාවේ විශාල ජනකායකට සහ එරට දේශපාලන නායකයන්ට අමතක වී තිබේ.

පැය අටේ වැඩ මුරය ඉල්ලා කළ සටන දියත් කළ කම්කරු නායකයන් සැමරීමක් සිදු නොවේ. එම ඉතිහාසගත සිද්ධිය අන්තර්ජාල තුළ පමණක් සටහන් වී ඇත. ඇමරිකානු මාධ්‍යවලට පවා එය අමතක වී තිබේ.

බි්‍රතාන්‍යයේ කම්කරු පක්ෂය බලයට පැමිණියත් එම කම්කරු පක්ෂයට වැඩ කරන ජනතාව අමතක වී ඇත.

පැය රටේ වැඩ මුරය ඉල්ලා කළ සටන නිසා ලෝක කම්කරු සංවිධානය බිහිවුවත් අද එය රැස්වීම් පැවැත්වීමට මිස කම්කරු ජනතාවගේ ඉල්ලීම් ගැන කිසිදු පියවරක් ගන්නේ නැත.

රටවල් රැසක ආණ්ඩු කම්කරු ජනතාව මර්දනය කිරීමේ නීතිරීති පනවා ඇතත් ලෝක කම්කරු සංවිධානය ඊට එරෙහිව පියවර ගැනීමට අසමත් වී තිබේ.

කම්කරු ජනතාව වෙනුවෙන් ස්විස්ටර්ලන්තය රක්ෂණ ආවරණය ලබාදීම තවදුරටත් සිදුකරනු ලබන අතර එය බහුතර කම්කරු ජනතාවට සෙතකි.

මේ අතර ශ්‍රී ලංකාවේ කම්කරු ජනතාවගේ අතීතය පිළිබඳව විමර්ශනය කළහොත් කම්කරු ව්‍යාපාරයේ නායකයා ලෙස ඒ. ඊ. ගුණසිංහ හඳුන්වනු ලබයි.

එසේම පිලිප් ගුණවර්ධන, ආචාර්ය එන්. එම්. පෙරේරා, පිටර් කෙනමන්, කොල්වින් ආර් ද සිල්වා, සී.ජී. විලියම්, කේ. පී. සිල්වා, බර්නාට් සොයිසා ඇතුළු වෘත්තීය සමිති නායකයන් රැසක් හැඳින්විය හැක.

මේ පසුබිම මැද ඇමරිකාවේ බහුජාතික සමාගම් රැසක් සේවක සංඛ්‍යාව කප්පාදු කර ඇත. එක් මෝටර් රථ සමාගමක් සේවකයන් 10000 ක් ඉවත් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment