පොහොර ප‍්‍රශ්නය නිසා එළවළු – පලතුරු අස්වැන්නත් 50%කින් අඩු වෙනවා – නාමල් කරුණාරත්න

105

ආණ්ඩුව ඇති කළ පොහොර ප‍්‍රශ්නය නිසා වී පමණක් නොව එළවළු, පලතුරු අස්වැන්නත් සියයට පනහකින් අඩුවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (10 දා) පැවසීය.

රටේ බොහෝ පිරිසක් වී අස්වැන්න අඩුවීම ගැන කතා කළත්, ඒ හා සමාන ඵලදාව අඩුවීමක් එළවළු, පලතුරුවලින් ද සිදුවන නිසා එහි විපාක ද විඳින්නට වෙන්නේ ගොවියාට වඩා පාරිභෝගිකයාට යැයිද ඒ මහතා කීවේය.

නාමල් කරුණාරත්න මහතා වැඩිදුරටත් මෙසේද කීය.

වී ගැන කතා කළොත් වී ඉසීමට පෙර පොස්පරස් (රසායනික පොහොර) මුලින්ම පසට යෙදිය යුතුයි. සති දෙකක් යනවිට නයිට‍්‍රජන් (යූරියා) ද දින 28 ක් යන විට නැවත නයිට‍්‍රජන් ද ඉසිය යුතුයි. කොළ වර්ධනය වී බණ්ඩි ගොයම හැදුණු විට බණ්ඩි පොහොර (පොටෑසියම්) යෙදීමෙන් තමයි හොඳ අස්වැන්නක් ගන්න පුළුවන්.

එවැනි තත්ත්වයක් පවතිද්දී නිසි ක‍්‍රමවේදයක් නොමැතිව කාබනික පොහොරවලට ගොවියා යොමු කිරීම නිසා බොහෝ ගොවීන් වී වගාවෙන් ඉවත්වීමත්, මීට පෙර රසායනික පොහොර ඉතුරු කරගත් ගොවීන් ගොවිතැනට යොමු වී තිබෙන බවත් අපිට දැකගන්න ලැබෙනවා. පසුගියදා රජය පවා නොමඟ යවමින් ගොවියෙක් කාබනික පොහොරවලින් සිය ගොවිතැන කරන බවට ප‍්‍රකාශ කර රසායනික පොහොර එක්කරන විට ගොවීන් පිරිසක් ඔහුගේ ඇත්ත ස්වරූපය එම ස්ථානයටම ගිහින් රටට මාධ්‍ය හරහා පෙන්නුවා. මේ හැදුවේ රසායනික පොහොරවලින් ගොවිතැන සාර්ථක වුණාම කාබනික පොහොරෙන් වගා කළා කියලා කියන්නයි. මේවා පිටුපස්සේ ඉන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්.

දැන් රටේ ගෑස් නැහැ. සිමෙන්ති නැහැ. සීනි නැහැ. මේ වගේ ප‍්‍රශ්න රැුසක් ගොඩගැහිලා. පෝලිමේ ඉන්න මිනිස්සුන්ට බඩු නැහැ. බඩු ගන්න සල්ලි තියෙන මිනිස්සුන්ටත් බඩු නැහැ. මේ වගේ තත්ත්වයක් රටේ පවතිද්දී අස්වැන්න සියයට පනහක් පමණ අඩුවුණාම ජනතාව කොහොම ජීවත්වෙන්නද කියලා හිතාගන්න බැරිවෙයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment